Loading..

ලබන වසරේ නව රජයේ රැකියා ලබාදීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය ගත් තීරණය

ලබන වසරේදී ද රාජ්‍ය සේවයට නව බදවා ගැනීම් සිදු නොකරන බැවින් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් නොකරන බව මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන දැනුම් දී තිබෙනවා.

ලබන වසර සඳහා වන ඇයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීමට අදාළ මාර්ගෝපදේශන මාලාව නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, මෙම වසරේ ජූනි මස 30 වනදාට සිටින සේවක සංඛ්‍යාව පදනම් කරගනිමින් ලබන වසර සඳහා වැටුප්, වේතන හා අනෙකුත් දීමනා ඇස්තමේන්තු සකස් කර යුතු බවයි.

රථවාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා ඇති සීමා එලෙසම ක්‍රියාත්මක වන අතර ලබන වසරේදී ද රාජ්‍ය ආයතන සඳහා ගෘහ භාණ්ඩ, කාර්යාල උපකරණ හා උපාංග මිලදී ගැනීම හැකිතාක් සීමා කර යුතුයි.

නමුත් පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක අත්‍යවශ්‍යම පුරප්පාඩු 4,000කට අධික සංඛ්‍යාවක් පිරවීම සඳහා අවසර ලබා දීමටයි.



from TODAY NEWS LK https://ift.tt/ote0S62
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.