Loading..

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් පැමිණි පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

යකඩ පොල්ලක් රැගෙන බීමතින් ආ පුද්ගලයෙකු හොරණ නගර සභාවේ හිටපු සභාපති විතානගේ සිරිසෝමගේ නිවසට ඊයේ රාත්‍රී හතට පමණ යකඩ පොල්ලෙන් ගසා අලාභහානි සිදුකර තිබේ.

මෙම පහරදීමෙන් හිටපු නගරාධිපතිතුමාගේ දියණියට සහ නැගණියට සුළු තුවාල සිදු වී තිබෙන අතර නිවසේ ගෘහ භාණ්ඩ කීපයකට සහ ගේට්ටුවට හානි සිදුවී තිබේ.

පහරදීමට පැමිණි පුද්ගලයා නිවසේ සුරතලයට ඇති කරන සුනඛයාට අමානුෂික ලෙස පහරදුන් බව නිවෙස් හිමියන් පවසයි.

නගර සභා සභාපතිවරයා විසින් නගර සභාවේ රැකියාවකට යොදවන ලද පුද්ගලයකු එම පාලන සමය තුළ ඇති වූ බව කියන සිද්ධියකට පළිගැනීමක් වශයෙන්නි රන්තරයෙන් නගරාධිපතිවරයාට අරියාදු සිදුකර ඇති අතර ඊයේ සවස බීමත්ව පොලු මුගුරු රැගෙන පැමිණ නිවසට සහ නිවැසියන්ට පහර දුන් බවත් පසුව නිරුවතින් පැමිණ ද පහරදීමට උත්සාහ කළ බව නගර සභා සභාපතිවරයා සහ එම නිවැසියන් පවසති.

එම අවස්ථාවේ නිරුවතින් පැමිණි පුද්ගලයා යකඩ පොල්ලක් ද රැගෙන මාර්ගයෙ අසංවර ලෙස හැසිරෙන දර්ශන ජංගම දුරකතනයකින් අසල සිටි අයෙකු විසින් දුරකථනයකින් පටිගත කර තිබුණි.

සිද්ධිය සැලවූ වහාම හොරණ පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (21) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. (aruna)



from TODAY NEWS LK https://ift.tt/mDXnAht
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.