Loading..

ලංකා ප්‍රීමීයර් ලීග් (LPL) තරඟාවලියට සහභාගීවන සියලුම දෙස් විදෙස් ක්‍රීඩකයින්ට ලොකු බද්දක්

ලංකා ප්‍රීමීයර් ලීග් (LPL) තරඟාවලියට එක් වන දෙස් විදෙස් ක්‍රීඩකයින් සිය තරඟ ආදායමෙන් බද්දක් ගෙවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ එහිදී අවම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් සියයට 20ක හා දේශීය ක්‍රීඩකයින් සියයට 15 ක බද්දක් ගෙවිය යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,

මේ රටේ ක්‍රීඩා පනතට අනුව ඔ්නෑම ක්‍රීඩා තරඟාවලියක් පවත්වද්දී ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගන්න ඔ්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවත්, එල් පී එල් සංවිධානයවත් ඒ සඳහා අනුමැතිය අරගෙන නැහැ.

මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම සෑම ක්‍රීඩකයෙක්ම ලැබෙන මුදලින්, විදේශීය ක්‍රීඩකයෝ අවමය මම අපේක්ෂා කරනවා සියයට 20 ක බද්දක් ගෙවන්න ඔ්නේ. දේශීය ක්‍රීඩකයෝ සියයට 15ක බද්දක් ගෙවන්න ඕනේ.

The post ලංකා ප්‍රීමීයර් ලීග් (LPL) තරඟාවලියට සහභාගීවන සියලුම දෙස් විදෙස් ක්‍රීඩකයින්ට ලොකු බද්දක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/dZqoM32
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.