Loading..

Nas Daily ශ්‍රී ලංකාවේ සංචාරයක

සමාජ මාධ්‍ය ජාලයන් හි සුප්‍රකට චරිතයක් වන Nas Daily මෙම වසර අවසානයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසයි.

Nas Daily යටතේ ඇති ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම්, ටික් ටොක් ගිණුම් හරහා මිනිත්තුවේ (one-minute videos) වීඩියෝපට දහසකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් Nas Daily මෙරටට ගෙන්වීම තුළින් ශ්‍රී ලංකාව කෙරෙහි විශෘල වශයෙන් සංචාරක ආකර්ෂණයක් ලබා ගැනීමට හැකිවෙනු ඇතැයි ද චලක ගජබාහු මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

“අපි influencers programme එකක් පටන් ගත්තා අපේ key markets දහයෙන් ලංකාවට ගෙන්නන්න. දැනටම අපි ඉන්දියාවෙන් මේ අවුරුද්දට influencers ලා 60ක් 70ක් ගෙනල්ල තියෙනවා. තව යුරෝපියන් රටවල් වන එංගලන්තය, පෝලන්තය වගේ රටවල්වලින් අපි influencers ලා ගේනවා. ඒ ගොල්ල දාන පොසිටිව් මැසේජ් ඇත්තටම හොඳට යනවා. උදාහරණයක් වශයෙන් අපි ඉන්දියාවෙන් විලන් ෆිල්ම් ස්ටාර් කෙනෙක් ගෙනාවා. ඒක හොඳටම වැඩ කරා. එයා ගියපු තැන් වලට ඉන්දියන් මිනිස්සුන්ට එන්න ඕනේ. ඊට පස්සේ අපි පෝලන්තෙන් ගෙනාවා නම්බර් වන් පොප්ස්ටාර් කෙනෙක්, එයා දාපු පෝස්ට් ඔක්කොම ලක්ෂයකට වඩා ගියා. අපි දැන් නාස් ඩේලිව ගෙන්වනවා ඔක්තෝම්බර් මාසේ ලංකාවට. ඔක්තෝම්බර් නැත්නම් නොවැම්බර්“.



from TODAY NEWS LK https://ift.tt/6cKh19Y
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.