Loading..

කිලෝ 50ට වඩා බරින් අඩු නම් මාර්ගවල ගමන් කිරීමෙන් වළකින්න! චීනයේ Guangdong ප්‍රාන්තයේ ජනතාවට දැනුම්දීමක්!

මේ වසරේ 9 වැනි සුළි කුණාටුව වන Saola ටයිෆූන්, දකුණු චීනයේ Guangdong පළාතට ඇතුළු වුණා.

ඒ 02 වනදා අළුයම කාලයේදී.

පැයට කිලෝමීටර් 200 කට වඩා වේගයෙන් හමා ගන මෙම කුණාටුව අභිමුව ජන ජීවිතයටද බොහෝ හානි සිදුව තිබෙනවා.

ජනාකීර්ණ පළාතක් වන Guangdong සිකුරාදා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර Saola සමීප වීමත් සමඟ ව්‍යාපාර, පාසල් සහ මූල්‍ය ආයතන ද වසා දැමීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

මෙම තත්ත්වය අභිමුව 50Kg ට අඩු පුද්ගලයින්ට කුණාටුවේ බලපෑම් සහිත ප්‍රදේශ වල මාර්ග වල ගමන් නොකර නිවෙස් තුලම රැඳී සිටින ලෙස එරට රජය දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ



from TODAY NEWS LK https://ift.tt/2vynYJk
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.