Loading..

රිය අනතුරකින් එකම පවුලේ 6ක් රෝහල්ගත කෙරේ

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී අද (17) අලුයම වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටිමෙන් එකම පවුලේ හයදෙනෙකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය පවසයි.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙසේ තුවාල ලබා ඇති අතර , මොවුන් ලුණුගල නෑදෑ නිවසකට ගොස් ආපසු බණ්ඩාරවෙල බලා යමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇතැයි පොලිසිය සදහන් කළේය .

අනතුරින් පියා, මව , දියණියන් තිදෙනකු සමග පියාගේ සහෝදරියක තුවාල ලබා ඇති බවත් , මොවුන්ගේ තත්ත්වය තරමක් බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග පැවසීය.



from TODAY NEWS LK https://ift.tt/NgIdqBT
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.