Loading..

බංගලාදේශය හමුවේ ඉන්දියාවට අවමන් සහගත පරාජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගය ලකුණු 6කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

ලකුණු 266ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගගත හැකිවූයේ ලකුණු 259ක් පමණි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් බලාපොරොත්තු ගෙනා Shubman Gill පන්දු 133කදී හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමග ලකුණු 121ක් රැස් කළේය.

Axar Patel පන්දු 34කදී ලකුණු 42ක් රැස්කළේය.

පන්දු යැවීමේදී Mustafizur Rahman කඩුලු 3ක් දවාගත්තේය.

Mahedi Hasan සහ Tanzim Hasan Sakib කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

ඉන්දියාවට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස්කරගත්තේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශකිබ් අල් හසන් පන්දු 85කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 80ක් රැස්කරගත්තේය.

Towhid Hridoy ලකුණු 54ක් රැස්කර ගත් අතර Nasum Ahmed ලකුණු 44ක් රැස්කළේය.

Shardul Thakur කඩුලු 3ක් දවාගත් අතර Mohammed Shami කඩුලු 2ක් දවාගත්තේය.



from TODAY NEWS LK https://ift.tt/6jOzZRL
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.