ජනාධිපතිවරයා යටතේ ඇති අමාත්‍යාංශය කිහිපයක වැඩ බැලීම සඳහා රාජ්‍ය අමාත්‍යවරු පත්කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා එලෙස රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර ඇති බවයි.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් වැඩබලන කාන්තා, ළමා සහ සමාජ සේවා අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩබලන මුදල් අමාත්‍යරවාය ලෙසත් , රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ අමෙරිකාවේ සංචාරයක් සඳහා අද (13) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර සංචාරයේදී ජනාධිපතිවරයා කියුබාවේ හවානා නුවර පැවැත්වෙන ජී 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට ද නියමිතයි.
ඉන් අනතුරුව ජනාධිපතිවරයා අමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද සැලසුම් කර තිබේ.
from TODAY NEWS LK https://ift.tt/NkdOiWE
via IFTTT


