Loading..

වෙඩි ප්‍රහාරයෙන් බේරුණු උද්දික ප්‍රේමරත්නගෙන් විශේෂ ප්‍රකාශයක්

පසුගිය (17) වැනිදා තමාගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වු බවත් එම වෙඩි ප්‍රහාරය සම්බන්ධව පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු කරමින් සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සදහන් කරයි.

තමාගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ රට තුළ පවතින ක්‍රමය විසින් බවත් රටේ කරගෙන යන දේශපාලන ක්‍රමය වැරදි බවත් ලංකාව මෙම තත්ත්වයට වැද වැටී ඇත්තේ ඒ නිසා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න තවදුරටත් සදහන් කළේ,

“මේ සිද්ධිය කළේ කවුද කියන දේට වඩා මට හිතෙන්නේ මේ පවතින ක්‍රමය විසින් තමා මට ඒ ප්‍රහාරය එල්ල වෙන්න ඇත්තේ. අපි හැමෝම දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ ජනතාවත් දන්නවා මේ ක්‍රමය වැරදියි කියලා. අපේ රටේ සමාජ ක්‍රමයත් වැරදියි, දේශපාලනයත් වැරදියි.

ඒ වැරැද්ද නිසා තමා මුළු රටම අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. දෙපැත්තේම ඒ වැරැද්ද තියෙනවා. අපි මේක වෙනස් කරගන්න, මේකේ නිවැරදි තැන අපි හොයා ගන්න ඕනේ. මේකේ අපි වෙනස් වෙන්න ඕනේ කොතැනද කියන එක අපි හරියටම හොයා ගන්න ඕනේ. ඒක හොයාගෙන රටේ ජනතාවත් වැඩකරන්න ඕනේ, දේශපාලන නායකයොත් වැඩකරන්න ඕනේ.

ඒ වෙනස මේ රටට ගේනකල් මම හිතන්නේ නෑ අපේ රට අනිත් රටවල තියෙන දියුණු තත්ත්වයට, දියුණු මිනිස්සු ඉන්න රටක් බවට අපිට මේ රට ගොඩනගන්න පුළුවන් කියලා. ඒ දේශපාලන, සමාජ පරිවර්ථනය මේ රට ඉල්ලනවා. අපි හැමවෙලේම කියන්නේ ඒ වෙනස මේ රටට ඇප්ලයි කරන්න.

ඒ නිසානම් අපිට තර්ජන එල්ල වෙන්නේ. හැමෝම හොයලා බලන්න ඕනේ මේ වෙනස ඇති කරන්නේ කොහොමද කියලා. වෙනස හොයාගෙන දෙගොල්ලෝම වැඩකරමු. අපි තරුණ මන්ත්‍රීවරු විදියට ඒ වෙනස වෙනුවෙන් ඉදිරියටත් වැඩ කරනවා.”



from TODAY NEWS LK https://ift.tt/6NDvf80
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.