Loading..

‘බාටා’ සමාගමේ මෙරට අලෙවි නියෝජිතත්වය සම්පූර්ණයෙන්ම විකුණා දමයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින්, ලොව කීර්තිමත් පාවහන් සන්නාමයක් වන ‘Bata‘ හි මෙරට නිෂ්පාදන බලපත්‍රය සහ අලෙවි නියෝජිතත්වය ලබා ගෙන තිබේ.

ඒ අනුව සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් රිටේල් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම වෙත. ශ්‍රී ලංකාව තුළ Bata නිෂ්පාදිත සඳහා නිෂ්පාදන හා බෙදාහැරීමේ බලපත්‍ර හිමිව ඇත.

මීට අමතරව Softlogic Retail Holdings (Pvt) Ltd විසින් Footwear Retailer Ltd හි 100% ක පූර්ණ කොටස් හිමිකාරීත්වය ද අත්පත් කර ගෙන තිබේ. පසුගිය සැප්තැම්බර් 14 වනදා මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම සිදුව ඇති අතර ඒ සඳහා සොෆ්ට්ලොජික් විසින් ආයෝජනය කර ඇති මුදල රු. මිලියන 293 කි. Bata Shoe Company of Ceylon Limited ලෙසින් මීට පෙර හඳුන්වන ලද මෙම සමාගම 1950 වසරේ මෙරට සංස්ථාපනය කරන ලද සමාගමක් වන අතර එය වසර 73 ක් පුරා ශ්‍රී ලංකාව තුළ Bata නිෂ්පාදිත, නිෂ්පාදනයේ සහ අලෙවියේ නිරත වනු ලබයි.

Footwear Retailer Ltd (Bata Shoe Company of Ceylon Limited) හි ප්‍රධාන කර්මාන්තශාලාව රත්මලානේ පිහිටා ඇත. එහි 150 කට අධික කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් සේවයේ නියුක්තව සිටී. එහි Bata, North Star, Power, Bubblegummers, Weinbrenner, Sandak, Ambassador යනා දී ජාත්‍යන්තර සන්නාම ඇතුළු සන්නාම 20කට අධික නිෂ්පාදිතයන් මෙම කර්මාන්තශාලාවේ නිපදවනු ඇත.



from TODAY NEWS LK https://ift.tt/pYCc1rS
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.