Loading..

විද්‍යාපීඨ බඳවාගැනීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක්

2021 විද්‍යාපීඨ කණ්ඩායම බඳවා ගැනීමට අදාළව නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ යම් සංශෝධනයක් සිදුකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව සංශෝධනය සිදුකළ වහාම ඊළඟ සති දෙක තුළ එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසුවා.

“2019 සහ 2020 7,400ක් මේ වනවිට වෙබ් අඩවියේ සියලුම නාමලේඛන දැනුම්දීලා තියෙනවා. විද්‍යාපීඨ 19 සඳහා ඒ අයව ලියාපදිංචි කරලා තියෙනවා. දෙවන වසරේ අයගේ විභාගය අවසන් වෙලා උත්තරපත්‍ර සමීක්ෂණය යනවා. ඒක අවසන් වූ වහාම ඔක්තෝබර් මාසයේ මුල වෙද්දි මේ සියලුදෙනා පීඨ 19ට ඇතුළත් කරගැනීමට සියලු කටයුතු සකස් කරලා තියෙනවා. ගුරු අධ්‍යාපනඥ සේවයේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඔවුන් සමග ලේකම්තුමා සාකච්ඡා කරලා ප්‍රතිපත්තිමය තීන්දුවකට ඇවිත් තියෙනවා. අනිත් එක තමා 2021 කණ්ඩායම ගැසට් එක නිකුත් කරන්න දැන් කටයුතු කරගෙන යනවා. කලින් නිකුත් කළ ගැසට්වල අවුරුදු 3ක් කලින් තිබුණ දත්ත මත තමා බඳවා ගැනීම් කළේ විෂයන් වර්ග අනුව. මෙය නිවැරදි නෑ. ඒ නිසා ගැසට් නිවේදනයේ යම් සංශෝධනයක් කරන්න තියෙනවා. ඊළඟ සති දෙක තුළ ගැසට් නිවේදනය නිකුත් වෙයි.”



from TODAY NEWS LK https://ift.tt/kVIq58y
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.