අනුරාධපුර වාහල්කඩ අලුතින් ඉදිකළ සති පොල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට නියමිතව සිටි දේශපාලන අධිකාරියට විරෝධය දැක්වීමට වහල්කඩ ජනතාව සති පොල විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරිම නිසා උත්සවය අතරමග නතර කිරීමට සංවිධායකයන්ට සිදුව තිබෙනවා.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. එච්. නන්දසේන, හිටපු ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු දේශපාලන අධිකාරිය පිරිසක් මෙම උත්සවයට සහභාගී වීමට නියමිතව තිබුණා.
ජනතාව සහභාගි නොවන බව කලින්ම දැනගත් දේශපාලන අධිකාරියේ කිසිවකුත් මෙම උත්සවයට සහභාගී නොවු බවයි වාර්තා වන්නේ.
මෙම උත්සවය කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කර තිබුණා.
මෙම උත්සවයට රාජ්‍ය නිලධාරීන් අතලොස්සක් ද හිටපු අමාත්‍යවරයකු වන තිස්ස කරල්ලියද්ද මහතා පමණක් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු සමඟ අසුන්ගෙන සිටිනු දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.
වාහල්කඩ ජනතාව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මෙම විවෘත කිරීමේ උත්සවයට සහභාගී වන ලෙස ආරාධනා පත්‍ර දුන් නමුත් එහෙත් දේශපාලනඥයන් පැමිණෙන කිසිදු උත්සවයකට සහභාගි නොවී, ඊට විරෝධය දැක්වීම සඳහා සහභාගී නොවූ බවයි.
සති පොල විවෘත කිරිමක් සිදු නොකළ අතර,මධ්‍යහ්න 12 පමණ වන තෙක් රැඳී සිීටි උත්සවය සංවිධානය කළ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිටත්ව ගොස් තිබුණා.
from TODAY NEWS LK https://ift.tt/B6Tbsdc
via IFTTT


