Loading..

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 15ක් රෝහලට!

මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයේදී කැබ්රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, සාමිමලේ 03 කණුව ප්‍රදේශයේදී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එය මාර්ගයේ ඉවතට පැන මීටර් 30ක පමණ ප්‍රපාතයට පෙරළී ඇති බවය.

අනතුරින් කැබ් රථයේ රියදුරු එහි පිටුපසප ගමන් කළ කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රථිකාර සඳහා දික්ඔය රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර ඊච්චන්කුලම, වව්නියාව මාර්ගයේ, පුදුකුලම් ප්‍රදේශයේ දී යතුරු පැදියක් ලොරි රථයක ගැටීමෙන් 09 හැවිරිදි දරුවෙක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.



from TODAY NEWS LK https://ift.tt/I0BHrTY
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.