Loading..

අද හවස 2න් පස්සේ එළියට යද්දි බලාගෙනයි! 21 වනදායින් පසු කාලගුණයේ වෙනසක්!

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (20) පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇතිවෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

මේ අතර දිවයිනට බලපැවැත්වෙන වැසි සහිත කාලගුණික තත්ත්වය එළැඹෙන 21 වැනි දායින් පසු ක්‍රමිකව පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.



from TODAY NEWS LK https://ift.tt/1NkiYU5
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.