Loading..

නගර සභාවේ රුපියල් ලක්ෂ 51ක් වියදම් කර රාජකීය මඟුලක් ගත් නගර සභා සේවිකාව

මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51 කට ආසන්න මුදලක් නගරසභා ගිණුමට බැර නොකර තම පෞද්ගලික කටයුත්තක් සඳහා යොදාගත් බව කියන නිලධාරිනියකට එරෙහිව නාගරික කොමසාරිස්වරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ .

නගර සභාව විසින් ජනතාවගෙන් අයකරගන්නා වරිපනම් බදු, ජල බිල්පත් ගාස්තු, ඇතුළු සියලු අනෙකුත් අයකර ගැනීම් නගර සභාවේ සරප් අංශය මගින් අයකර ගන්නා අතර එම මුදල් දෛනිකව නගරසභා ගිණුමට බැර කළ යුතුව තිබුණත් එම මුදල් භාරව සිටින ඉහළ නිලධාරිනියක් එසේ එම මුදල් නගරසභා ගිණුමට බැර නොකර ඇයගේ පවුලේ විවාහ මංගල උත්සවයක ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා රැගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

පසුගිය සතියේ දිනක නගර සභාවේ ගෙවීම් වලට සම්බන්ධ ලිපිගොනු පරික්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 51 ක මුදලක හිගයක් පෙන්වීම හේතුවෙන් මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබුණි .

එම මුදල නැවත හොර රහසේම තැන්පත්කොට සිද්ධිය යටපත් කිරීමට නගර සභාවේ ම ඉහළ නිලධාරීන් පිරිසක් විසින් සැලසුමක් දියත් කොට තිබුණත් නාගරික කොමසාරිස් වරයාගේ මැදිහත්වීමෙන් අදාළ විමර්ශනය ආරම්භ කොට පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාට ද සිද්ධිය දැනුම්දීමට පියවර ගෙන තිබේ .

මහනුවර මහ නගර සභාවේ වසර 05 කට ආසන්න කාලයක් සේවය කොට ඇති එම නිලධාරිනිය වාර්ෂික ස්ථාන මාරු යටතේ වෙනත් රාජ්‍ය ආයතනයකට ස්ථාන මාරු ලැබීමටද නියමිතව තිබූ බව පැවසේ .



from TODAY NEWS LK https://ift.tt/TUqcVdE
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.