Loading..

රාජ්‍ය සේවකයින් ලක්ෂ 8ක් මුහුණ දෙන අර්බුදය

මාස 14 ක කාලයක් තුළ විදුලි බිල සියයට 400 කින් ඉහළගොස් ඇති බවත් ඊට සාපේක්ෂව රාජ්‍ය සේවක වැටුප කිසිදු අවස්ථාවක ඉහළ දමා නොමැති බව රාජ්‍ය පළාත් රාජ්‍ය වෘත්තීය සමිති සම්මේලනය පවසනවා.

ජල, විදුලි සහ ඉන්ධන ඇතුලු අනෙකුත් බඩු භාණ්ඩවල මිල ඉහළ යෑම් හමුවේ රාජ්‍ය සේවකයින් ලක්ෂ 8ක ප්‍රමාණයක් ජීවත්වීමේ අර්බුදයක සිටින බවයි එම සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න නුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ.

මේ අතර ක්ෂේත්‍ර රාජකාරි කටයුතු සඳහා ලබා දෙන සැතපුම් කුලිය, ප්‍රවාහන වියදම්, ජීවන වියදම් දීමනාව, ඉන්ධන මිල සහ යතුරුපැදි නඩත්තු වියදම ඉහළයාමට සාපේක්ෂව දීමනා ඉහළ නොදැමීමට එරෙහිව මහජන පරීක්ෂක සෞඛ්‍යවරුන් හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/n4EIHsZ
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.