Loading..

පාර්ලිමේන්තුව යුද පිටියක් කරගත් මන්ත්‍රීවරුන් තිදෙනාට පාර්ලිමේන්තුව තහනම් වන ලකුණු

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගුටිබැට හුවමාරු කරගැනීමක් වූ රාජ්‍ය ඇමතිනිය හා අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තු කටයුතු සතියකට තහනම් කිරීමේ ඉඩකඩක් පවතින බව වාර්තා වනවා.

පසුගිය විසි වෙනිදා මෙම බැට හුවමාරුව පාර්ලිමේන්තුවේදී සිදුවූයේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ හා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර යන තිදෙනා අතරයි.

මේ පිළිබඳව විමර්ශන පැවැත්වීම සඳහා කතානායකවරයා විසින් විශේෂ කමිටුවක් පත්කරනු ලැබූ අතර ඔවුන් විසින් සිදුවීමේ කැමරා දර්ශන පරීක්ෂාකර ඇති අතර සිදුවීම ගැන ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා මෙම මන්ත්‍රී තිදෙනාද කැඳවා තිබේ.

විමර්ශන කණ්ඩායම වාර්තාව සති දෙකක් ඇතුළත භාරදුන් පසු කතානායකවරයා විසින් ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.



from TODAY NEWS LK https://ift.tt/I1b5qUm
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.