Loading..

ගාසා තිරයෙන් පිටව යන වාහන පෙළකට මාරාන්තික ප්‍රහාරයක්

උතුරු ගාසා තීරයෙන් පිට ව යන රථ පෙළකට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී තිබේ.

BBC වාර්තා කරන පරිදි, උතුරු ගාසා තීරයෙන් පිට ව යන සිවිල් වැසියන් ගේ රථ පෙළකට මෙම පහර දීම සිදු කර ඇත.

එම දර්ශන ද BBC විසින් උඩුගත කර තිබේ.

ප්‍රහාරයෙන් කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් කිහිප දෙනෙකු මිය ගිය බව වාර්තා වේ.

ප්‍රහාරයෙන් හානි වූ සහ ගිනිගත් වාහන කිහිපයක් ඒ ආසන්නයේ දක්නට ලැබෙන බව ද සඳහන්ය.

ගාසා නගරයේ තදාසන්න ප්‍රදේශයේ සිට කිලෝමීටර් කිහිපයක් දකුණින් මෙම ප්‍රහාරය සිදු ව ඇති බව වාර්තා වේ.



from TODAY NEWS LK https://ift.tt/qHS0bse
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.