Loading..

පැතිරෙන ඇස් රෝගයෙන් බේරෙන්න වෛද්‍ය උපදෙස් මෙන්න

මේ දිනවල වේගයෙන් පැතිර යන “වයිරල් කන්ජන්ටිවයිටිස්” (Viral Conjunctivitis) නමැති ඇස් රෝගයෙන් වැළකී සිටීමට නම් නිතර සබන් යොදා දෑත් සෝදා පිරිසුදුව තබා ගැනීමටත් නිතර මුහුණ ස්පර්ශ නොකර සිටීමෙන් හැකි වන බවත් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය ඒ ආර්. එම්. තව්ෆික් පවසයි.

සෙනඟ ගැවසෙන ස්ථානවලින් හැකි සෑම අවස්ථාවක ම ඈත්ව සිටීම ද, රෝගීන් හා ස්පර්ශ වීමෙන් වැළකී සිටීම ද, රෝගය බෝවීමෙන් වැළකීම සඳහා අත්‍යවශ්‍ය යැයිද වෛද්‍ය තව්ෆික් පෙන්වා දෙයි.

මෙම රෝගයේ රෝග ලක්‍ෂණ ලෙස ඇස් රතුවීම, ඇස්වල වේදනාකාරී තත්ත්වය, ඇස් විවෘත කිරීමේ අපහසුතාව, කඳුළු ගැලීම, කබ ගැලීම සහ ආලෝකය දෙස බැලීමේදී ඇස්වල අපහසුතාව ඇතිවීම සිදුවිය හැකි බව ද අධ්‍යක්‍ෂවරයා පෙන්වා දුන්නේ ය.

රෝගයේ මූලික අවස්ථාවේදී ඇස් කැසීම වැනි රෝග ලක්ෂණ දක්නට ඇති අතර විශේෂයෙන් මෙම රෝගීන්ගේ රෝගී ඇසක ශ්‍රාවයන්, නිරෝගී ඇසක ස්පර්ශ වීම නිසා රෝගී වීමේ හැකියාව ඇති අතර පාසල් දරුවන් ආරක්‍ෂා කර ගැනීම ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේ ය.



from TODAY NEWS LK https://ift.tt/LjzU6w8
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.