Loading..

මාරාන්තික ලෙප්ටොස්පිරා රෝගය ගැන ජනතාවට දැනුම්දීමක්

ලෙප්ටොස්පිරා රෝගය හේතුවෙන් වසරකට රෝගීන් 8000ක් වාර්තා වන බවත් ඉන් මරණ 125ක් වර්තා වන බවද විශේෂඥ වෛද්‍ය තුශානි දාබරේරා සදහන් කළහ.

මෙම 2023 වසරේ මේ දක්වා රෝගීන් 7000ක් වාර්තා වී තිබෙන බවත් කෘෂිකර්මාන්තය වැඩි වැඩියෙන් සිදු කරන දිස්ත්‍රික්ක වලින් මෙම රෝගය වාර්තා වන අතර මෙම මී උණ රෝගය වයස 20 – 60ත් අතර පුද්ගලයින්ට හැදෙන බවද සදහන් කරයි.

මී උණ තියෙන රෝගීන්ගෙන් සියයට 05%ක් පමණ මිය යන බවත් රෝගය මාරාන්තික වීමට පෙර ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය තුශානි දාබරේරා සදහන් කළහ.

වෛරස රෝගවල තිබෙන රෝග ලක්ෂණ මී උණටත් තිබෙන බවත් ගම්වල හා නාගරිකවත් මෙම රෝගය පැතිරෙන බැවින් රෝගය උත්සන්න වූ පසුව එහිදී පෙනහලුවලට, වකුගඩුවලට පැතිරීම ශීඝ්‍රව සිදුවන බවද විශේෂඥ වෛද්‍ය කෝලිත ජයසුන්දර සදහන් කරයි.

නියමිත ප්‍රතිකාර නොලැබුවොත් වකුගඩු පෙනහලුවලට බලපාලා මස් මස්පිඩු වේදනාව වැනි රෝග වැළඳිය හැකි බවත් රෝග ලක්ෂණ ඇති මුල් අවස්ථාවේදීම ප්‍රතිජීවක ඖෂධ භාවිත කළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

මෙම රෝගය වළක්වා ගැනීමේ ඖෂධ ලබාගෙන ගොවිතැන් හෝ පතල්වලට යාමට හැකි බවත් තුවාල ඇත්නම් ඒවා ආවරණය කරගෙන යාම ඉතාම සුදුසු බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරයි.

මී උණ රෝග තත්ත්වය පිළිබඳව සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකය මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම අදහස් පළ කළේය.



from TODAY NEWS LK https://ift.tt/e9PZmMp
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.