දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.
මාතර පොලීසිය සඳහන් කළේ ඊයේ (05) රාත්‍රී කාලයේදී වල්පල ප්‍රදේශයේදී ගාල්ල සිට බෙලිඅත්ත බලා ධාවනයවූ දුම්රියක ගැටී දැරිය මියගොස් ඇති බවය.
අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 16ක් වන නෝනගම, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
මියගිය දැරිය නිවසින් අතුරුදන්වී ඇති බවට අම්බලන්තොට පොලීසියට පැමිණිල්ලක් ද ලැබී තිබුණු බව පොලීසිය සඳහන් කරයි.
මෘතශරීරය මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
from TODAY NEWS LK https://ift.tt/6NfwhXA
via IFTTT


