Loading..

රාජ්‍ය සේවය දියුණු කරන්න කමිටුවක්

සමස්ත රාජ්‍ය සේවයම විවෘත හා වගකීමක් සහිත තත්වයකට පත්කිරීමේ අරමුණින් මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත් කෙරුණු බව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

එම අනු කමිටුවට පත් කෙරුණු විද්වත් කණ්ඩායමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ,මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ,අධිකරණ අමාත්‍යාංශ ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා,කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික හා ආර්ථික අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජානක ප්‍රනාන්දු, මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් එම්.කේ.එස්.එස් රත්නායක, මාධ්‍යවේදී අශෝක ඩයස් (සිරස මාධ්‍ය ජාලය), පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානයේ සභාපති මංජුල ගජනායක , සර්වෝදය ව්‍යාපාරයේ සභාපති මෙන්ම ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න ,කාරක සභා සභාපති උපදේශක උපදේශක අචාර්ය කේ.ඒ තිලකරත්න යන මහත්වරු ඇතුළත් වෙති.

මේ අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ යෝජිත නව සේවක සංඛ්‍යාවට අවසන් තීරණයක් ලබා දෙන ලෙස කාරක සභාව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.

මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.



from TODAY NEWS LK https://ift.tt/7wSe2Eh
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.