ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ පස්වැනියාට විශාලතම කොටස් හිමියා වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව, සිය කොටස් හිමිකාරීත්වය ඊයේ (09) දිනයේ දී විකිණීමට පියවර ගෙන තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලියන 13.15 ක හිමිකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතුව පැවතුණා.
ඒ අනුව අද දිනයේ දී එක් කොටසක් රු. 96.00 බැගින් අලෙවි කර තිබෙන අතර මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 1.26ක්.
මෙහිදී ගැනුම්කාර පාර්ශවය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අංක එකේ කොටස් හිමියා වන මහා භාණ්ඩාගාර විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදුකර තිබුණේ නම්, මහා භාණ්ඩාගාරය සතු ටෙලිකොම් කොටස් අයිතිය 50% සීමවා ඉක්මවා යනු ඇති.
from TODAY NEWS LK https://ift.tt/a4feYRE
via IFTTT


