Loading..

සජබ මන්ත්‍රීවරයෙක්ට ආණ්ඩුවෙන් ලොකු තනතුරක් ලබා දෙයි

ප්‍රවාහන ක්ෂේත්‍රයේ අතුරු ව්‍යාපාරික අවස්ථා සොයා බැලීම සඳහා රජය විසින් පත්කර ඇති උප කමිටුවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන සම්බන්ධ කරගෙන තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අදාළ උප කමිටුව සඳහා, දක්ෂ ප්‍රවාහන ව්‍යාපාරිකයෙක් වන ජගත් විතාන මන්ත්‍රීවරයාව සම්බන්ධ කරගැනීමට හැකිවීම ගැන ඉතා සතුටු වන බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

ඔහුව ඩිපෝවෙන් ඩිපෝවට ගෙනගොස් ඒවායේ ඇති අතුරු ව්‍යාපාරික අවස්ථා වැඩි කරගත හැකි ආකාරය පිළිබඳ සොයා බැලීමට ඔහුගේ ව්‍යාපාරික ඥාණය යොදාගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දේශපාලනික වශයෙන් ඔහු හා තමන් කඳවුරු දෙකක වුවද ​ජගත් විතාන මන්ත්‍රීවරයා ඉතා සාධනීය සේවයක් සිදුකරමින් සිටින බවද, අනෙකුත් මන්ත්‍රීවරුන්ද ඔහුගෙන් ඉගෙන ගත යුතු බවද ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුර​ටත් සඳහන් කළා.

මෙම ඇරයුමට පිළිතුරු ලබා දෙමින් සජබ මන්ත්‍රී ජගත් විතාන සඳහන් කළේ තමා කිසිඳු වරප්‍රසාදයක් නොගෙන රට වෙනුවෙන් ආණ්ඩුව ලබාදුන් වගකීම ඉටුකිරීමට තමා සූදානම් බවයි.

The post සජබ මන්ත්‍රීවරයෙක්ට ආණ්ඩුවෙන් ලොකු තනතුරක් ලබා දෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/CT3d0Om
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.