දිවයින පුරා පිහිටි රජයේ පාසල්වල ගුරු පුරප්පාඩු 40,000ක් පමණ පවතින බව නීතිපතිවරයා ඊයේ (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
අධිකරණ ක්‍රියාවලිය අවභාවිතයට ලක් කරමින් උපාධිධාරී සංවර්ධන නිලධාරින් පිරිසක් ගොනුකර ඇති නඩුකර හේතුවෙන් එම පුරපාඩු පිරවීමේ කටයුතු වලට බාධා පැමිණ තිබෙන බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා සඳහන් කර ඇත.
මෙහි ප්‍රතිඵලයක් ලෙස රජයේ පාසල්වල අධ්‍යාපනය මට්ටම අඩාළ වීමේ අවදානමක් මතුව ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
රජයේ පාසල් වල රාජකාරි කරන උපාධිධාරී සංවර්ධන නිලධාරින් සිටියදී විභාග පවත්වා ගුරු පුරප්පාඩු පිරවීමට පලාත් අධ්‍යාපන අමාත්‍යංශය කීපයක් ගෙන තිබෙන තීරණ අභියෝගයට ලක් කරමින් පලාත් අධ්‍යාපන අමාත්‍යංශ යටතේ පාලනය වන පාසැල් වල ඉගැන්වීම් කටයුතු සිදු කරන සංවර්ධන නිලධාරීන් පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.
එම පෙත්සම් 06 ක් අද කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ බව කියා සිටියේය.
මෙම පෙත්සම් අද මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කඳවනු ලැබීය.
දීර්ඝ කරුණු විභාගයකින් අනතුරුව අදාළ පෙත්සම් විභාගයට ගැනීමට තරම් සාධාරණ කරුණු අනාවරණය නොවන හෙයින් එවා නිෂ්ප්‍රභ කරන බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය.
from TODAY NEWS LK https://ift.tt/k2IHoNU
via IFTTT


