Loading..

ග්‍රාමීය ජනතාවගෙන් සියයට 82ක් ක්ෂුද්‍ර මූල්‍ය උගුලේ හිර වෙයි! නොගෙව්වොත් ලිංගික අල්ලස් ඉල්ලන තත්ත්වයක්!

සමීක්ෂණවලට අනුව ග්‍රාමීය ජනතාවගෙන් සියයට 82ක් අවදානම් තත්ත්වයක සිටින බවත් කාන්තාවන් මූලික කර ගත් ගෘහ ඒකක බහුතරයක් අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය ණයවල පැටලීමත් සමග ඇතිව තිබෙන ණය බර නිසා කනකර පවා උගස් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ (නොවැ. 30) පැවසීය.

එසේ ම නීති විරෝධී ලෙස ක්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන සංවිධාන 11,000ක් මේ වන විට රට තුළ ඇති අතර ගම්වල ‘ඇඳ ණය’ ලෙස හඳුන්වන මෙකී ණය ගෙවීමට නොහැකි වූ විට ලිංගික අල්ලස් ලබා ගැනීමේ තත්ත්වයක් ඇතිව තිබෙන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.



from TODAY NEWS LK https://ift.tt/mrWeixz
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.