Loading..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ක්‍රීඩාංගණ කාර්යමණ්ඩල වෙත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී පොරොන්දු වූ ත්‍යාග මුදල් බෙදාදීම සිදුකළ බව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙමගින් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ කාර්යමණ්ඩලයට මෙම ත්‍යාග මුදල් හිමිවන බවයි.

මෙමගින් කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ භූමි කාර්යමණ්ඩලයේ 138කට මුදල් ලබාදී ඇති අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ භූමි කාර්යමණ්ඩලයේ 115කට එළැඹෙන සිකුරාදා ත්‍යාග මුදල් ලබාදීමට නියමිතව ඇත.

මේ සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ඩොලර් 25,000ක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 25,000ක් දායකත්වයක් ලබාදී තිබේ.

ඒ අනුව බෙදාදීමට නියමිත මුළු මුදල රුපියල් මිලියන 16කට ආසන්න බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම ත්‍යාග මුදල ස්ථීර සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නිරත වූ ක්‍රීඩාංගණ සේවකයින්ට හිමිවීමට නියමිතය.



from TODAY NEWS LK https://ift.tt/bpVo78d
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.