ඊයේ (11) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගල ඝාතනය කිරිම් තුනක් වාර්තා වී ඇත. එමෙන්ම එම වෙඩි තැබීම්වලින් පුද්ගලයින් හය දෙනෙක් තුවාල ලබා තිබේ.
ඊයේ රාත්‍රී 08ට පමණ පිටිගල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේ දී වෙළඳසලක් අසල දී පුද්ගලයෙක් වෙඩි තබා එම ස්ථානයේ දීම ඝාතනය කර තිබිණි.
එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලද කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ගල්ළිඳ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා. යතුරු පැදියකින් පැමිණි නාඳුනන ඝාතකයින් දෙදෙනෙක් විසින් ටී.56 ගිනි අවියකින් වෙඩි තබා මෙම අපරාධය සිද්ධ කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.
එමෙන්ම ඊයේ රාත්‍රි 9ට අම්බලන්ගොඩ පොලිස් වසමේ ගලගොඩ ප්‍රදේශයේ දී වෙළෙඳ සලක් තුළ දී නාඳුනන ඝාතකයින් දෙදෙනෙක් විසින් පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කර තිබිණි.
එම වෙඩි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා ඇත. තුවාලකරුවන් බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත.
මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ෂන ක්‍රියාත්මකයි.
from TODAY NEWS LK https://ift.tt/1AxPky6
via IFTTT


