Loading..

පවුල් ආරවුලක් දුරදිග යයි! කපුවෙකුට හා කාන්තාවකට රෝහල් ගතවෙන්න පහර දීලා!

මීගහකිවුල, අරාව පාර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යෑමෙන් සිදුවූ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් හා දේවාලයක කපු මහතෙකු අද (11) අළුයම මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ මීගහකිවුල, අරාව පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක කාන්තාවක් සහ 41ක පුද්ගලයෙක්.

එකම පවුලක ඥාතීන් දෙපිරිසක් අතර ඉඩමක් සම්බන්ධයෙන් පැවැති පැරැණි කෝන්තරයක් දුරදිග යෑමෙන් පහරදීම සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම සිද්ධිය සිදුවීමට පැයකට පමණ පෙර පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකය වෙත ලද ඇමතුමක් අනුව කන්දකැටිය පොලිසියේ නිලධාරීහු පිරිසක් පැමිණ දෙපාර්ශ්වය සමථයකට පත්කර ඇතත්, පොලිසිය පිටව යැමෙන් පසුව දෙපිරිස අතර ගැටුම යළි උත්සන්න වීමෙන් පසු මෙම පහරදීම සිදුවී තිබෙනවා. (හිරු)



from TODAY NEWS LK https://ift.tt/1sHVM5D
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.