Loading..

අද පැවැත්වෙන තීරණාත්මක තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් ද්විත්වයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය චට්ටොග්‍රාම්හි සහූර් අහමඩ් චෞද්රි ක්‍රීඩාංගණයේදී අද (18දා) පැවැත්වෙනවා.

දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය පෙ.ව. 9.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

මෙලෙස බංග්ලාදේශයේදී එක්දින ජාත්‍යන්තර තරගයක් දිවා තරගයක් ලෙසින් පැවැත්වෙන්නේද වසර 11කට පසුව වීමත් විශේෂත්වයක්.

කණ්ඩායම් දෙකම එක් තරගයක් බැගින් ජයගෙන සිටින නිසා තරගාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය තීරණාත්මකය.

අද තරගයේදී කණ්ඩායම් දෙකෙහිම වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය තරග ද්විත්වයෙහිම අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට කමිඳු මෙන්ඩිස් හෝ සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවීමේ වැඩි අවස්ථාවක් පවතිනවා.

ඔවුන් දෙදෙනා අතරින් නිමා වූ විස්සයි20 තරගාවලියේදීද බංග්ලාදේශ පන්දු යවන්නන් ඉදිරියේ හොඳින් ලකුණු අතරට පැමිණි කමිඳුට ස්ථානය හිමිවීමට වැඩි ඉඩක් තිබෙනවා.

මේ අතර වේගපන්දු යවන ඩිල්ෂාන් මධුසංක ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකරන නිසා, ඔහුගේ ස්ථානය චාමික කරුණාත්නට ලබාදීමටත් සූදානමක් තිබෙන බව බංග්ලාදේශයෙන් වාර්තා වෙනවා.



from TODAY NEWS LK https://ift.tt/lhSvGpL
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.