Loading..

තන්තිරිමලේ ගම් රැසක් අඳුරු වෙයි

අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවාසවල විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ විදුලිය විසන්ධි වීමෙන් එම නිවෙස්වල පාසල් දරුවන්, සිඟිති දරුවන් සහ වැඩිහිටියන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ගම්වාසීහු පවසති.

විදුලිබිල ඉහළ යෑමත් ස්ථීර ආදායම් මාර්ග නොමැති වීමත් නිසා තමන්ට විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකි වී ඇතැයි ද ගම්වාසීහු පවසති.

තමන් මුහුණ බී ඇති ආර්ථික දරිද්‍රතාවය නිසා නැවත විදුලිය ලබා ගැනීම සිහිනයක් යැයි එම නිවෙස් හිමියෝ පවසති.

තන්තිරිමලේ, ඉහළ ගෝනෑව, තම්බියාව, සඳමල්එළිය ඇතුළු ගම්මාන රැසක පදිංචිකරුවන් සෘජුව මෙම ගැටළුව බලපා තිබේ.

දවල්ට සහ රෑට එකවේලාක් ආහාරයට ගන්නා මෙම පිරිස වල් අලින්ගෙන් ද දැඩි බලපෑම් එල්ල වී ඇත.



from TODAY NEWS LK https://ift.tt/612pjPG
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.