අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව සයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 447කි.
එසේම සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458කි.
මේ අතර එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිලේ කිසිදු වෙනසක් සිදුකර නොමැත.
සයිනොපෙක් සමාගම 92 වර්ගයේ ඉන්ධන ලීටරයක් 368ක් වන අතර සයිනොපෙක් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 360කි.
from TODAY NEWS LK https://ift.tt/ZxqwfsL
via IFTTT


