Loading..

ප්‍රතිජීවක ඖෂධ විෂ වී මෙරට තවත් රෝගියෙක් මිය යයි

රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට ලබාදුන් ප්‍රතිජීවක එන්නතක මතුවූ සංකූලතා මත එම රෝගියා මිය යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පිරිමි පුද්ගලයකු එලෙස මියගොස් තිබේ.

මෙම පුද්ගලයාට ඇතිවූ කනේ අමාරුවකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහු රාගම ශික්ෂණ රෝහලට ඉකුත් දා ඇතුළත් වී තිබේ.

එම රෝහලේ 21 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියාට එන්නත් මාත්‍රා 11ක් දී තිබෙන අතර, 12 වැනි එන්නත් මාත්‍රාව දීමෙන් අනතුරුව ඇතිවූ සංකූලතා මත මියගොස් තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ හොරණ පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගමක බවද වාර්තා වෙයි.(source – aruna)



from TODAY NEWS LK https://ift.tt/Fvx0Ook
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.