Loading..

පාසල් වෑන් රථයෙන් ගවයන් ඇද්ද පොලිස් නිළධාරියෙක් ඇතුළු 3ක් කොටුවෙයි

යාපනය, පුංකුඩතිව් ප්‍රදේශයේදී වෑන් රථයකින් නීතිවිරෝධීව ගවයින් ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (04) අලුයම් කාලයේදී පොලිස් නිලධාරියෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුංකුඩතිව් සිට මණ්ඩතිව් දක්වා නීතිවිරෝධීව ගවයින් මස්පිණිස රැගෙන යන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුනු තොරතුරකට අනුව නිලධාරීන් පිරිසක් පුංකුඩතිව් මාර්ගයේ ඊයේ අලුයම් කාලයේදී සෝදිසියක නිරතවී තිබුණා.

එහිදී පාසල් සේවය යනුවෙන් ප්‍රදර්ශනය වූ වෑන් රථයක් අධික වේගයකින් ධාවනය වීම හේතුවෙන් එය නවතා සිදුකරන ලද පරික්ෂාවකදී වෑන් රථය තුල පා බැඳ දැමූ ගවයින් 08 දෙනෙකු සිටියදී සොයා ගෙන තිබෙනවා.

එලෙස ගවයින් ප්‍රවාහනය කිරීමට කිසිදු බලපත්‍රයක් නොමැති වීම හා ගවයින්ට වධහිංහා පමුණවමින් ප්‍රවාහනය කිරීම යන චෝදනා මත වෑන් රථයේ සිටි පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් පිරිස අතර යාපනය පොලීසියේ සේවයේ නිරත පොලිස් නිලධාරියෙකුද සිටි බවද වාර්තා වෙනවා.

අත්අඩංගුවට ගත් ගවයින් සහ සැකකරුවන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය පොලීසියට භාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පියවර ගෙන තිබෙනවා.



from TODAY NEWS LK https://ift.tt/EDqna8i
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.