Loading..

ඉරානය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් පහක්

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(24) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව දෙරටෙහි නියෝජිතයින් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

එම සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහක් අත්සන් කර තිබෙනවා.

මෙලෙස අත්සන් තැබූ ගිවිසුම් 5 පහතින්.

චිත්‍රපට කර්මාන්තයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම

මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම

ඉරාන සමුපකාර මණ්ඩලය සහ ශ්‍රී ලංකා ජාතික සමුපකාර සභාව පිළිබඳ අවබෝධතා ගිවිසුම

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජාතික පුස්තකාලය සහ ලේඛනාගාරය සහ ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය අතර සහයෝගීතාවය සඳහා වූ අවබෝධතා ගිවිසුම

සංස්කෘතිය විද්‍යාත්මක තාක්ෂණික සහයෝගීතා ජනමාධ්‍ය තරුණ සහ ක්‍රීඩා වැඩසටහනට අදාළ අවබෝධතා ගිවිසුම



from TODAY NEWS LK https://ift.tt/zV1lin9
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.