Loading..

නෙත්මිකා ලක්මව රිදියෙන් සරසයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 21වැනි ආසියානු කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ(24) ආරම්භ විය.

ආරම්භක දිනයේ පැවැති තුන්පිම්ම කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ නෙත්මිකා මදුශානී හේරත් සමත් වූවා.

මෙහිදී ඇය මීටර් 13.01ක දක්ෂතාවක් දැක් වූ අතර, එය ඇගේ පුද්ගලික හොදම දක්ෂතාවද විය.

ඇය මොනරාගල, බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවකි.

ඇය හෙට දිනයේදී දුර පැනීම ඉසව්වට සහභාගිවීමට නියමිතය.

වසර 38ක ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් 36 වැනි පදක්කම ලෙස මෙය ඉතිහාසයට එක් විය.



from TODAY NEWS LK https://ift.tt/AMLl1Yk
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.