Loading..

උඩ මළුවෙන් පහළට පැන්න තරුණයා නිරුපද්‍රිතව බේරීමට හේතුව ශ්‍රී පාදස්ථානාධිපති හිමි හෙළි කරයි

ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ තරුණයාගේ ජීවිතය බේරීම හාස්කමක් බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා.

අනතුරට ලක් වන වන්දනාකරුවන්ට සමන් දෙවියන්ගේ රැකවරණය ලැබෙන බවයි උන්වහනසේ පවසන්නේ.

අතුරුදන් වූ තරුණයා හමුවීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියා.

පසුගිය 19 වැනිදා මෙම තරුණයා ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන තිබුණා.

අනතුරුව ඔහු සොයා ආරක්ෂක අංශ මෙහෙයුම් දියත් කළද කිසිඳු ප්‍රතිඵලයක් අත් නොවූ හෙයින් දින 3කින් අනතුරුව එම මෙහෙයුම් නවතා දැමීමට ආරක්ෂක අංශ තීරණය කළා.

කෙසේ වෙතත් නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතුයායේ රාජමලේ කොටසේ ශ්‍රී පාද රක්ෂිතයට මායිම්ව ඇළ මාර්ගයක් අසල කිසියම් පුද්ගලයෙකු වැටි සිටින බවට වතුකම්කරුවන් පිරිසක් විසින් පසුගිය 24 වනදා නල්ලතන්නිය පොලිසිය දැනුම් දී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසි නිලධාරින් අදාළ තරුණයාව පොලිසිය වෙත රැගෙන ආ බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව දින ගණනාවක් නිරහාරව විජලනයෙන් සිටි එම තරුණයාව මස්කෙලිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන තිබුණා.

මස්කෙලිය රෝහලේදි මාධ්‍යට අදහස් දැක් වු සිදුවීමට මුහුණ දුන් තරුණයා කියා සිටියේ ශ්‍රි පාද උඩ මළුවේදි තමන්ට සිදු වු දේ පිලිබදව කිසිදු මතකයක් නොමැති බවත් තමන්ට සිහි කල්පනාව පැමිණෙන විට තමන් ඇළ මාර්ගයක් අසල වැටි සිටි බවත්ය.

පසුව එම ඇළ මාර්ගය දිගේ දින පහක් තිස්සේ පහලට සෙමින් බැස පැමිණි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

රාත්‍රී කාලයේ දී එම රක්ෂිතයේ තිබු ගල් ගුහාවල කාලය ගත කරමින් ජලය පමණක් පානය කරමින් කුසගින්න නිවාගත් බවයි ඔහු පවසන්නේ.

ඔහුට බරපතල තත්ත්වයේ කිසිදු ආබාධ තත්ත්වයක් ඇති නොවීම සුවිශේෂී සිදුවීමක් බවයි සියල්ලන් පවසන්නේ.

ඔහුගේ පාදයේ සුළු තුවාල කිහිපයක් පවතින බවයි වාර්තා වන්නෙ.



from TODAY NEWS LK https://ift.tt/IG79Xfi
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.