සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී එක් තරුණයකු ඝාතනය කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසනවා.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචිව සිටී රවිදු හේෂාන් ප්‍රනාන්දු නැමැති අවුරුදු 17 ක තරුණයෙක්.
පහරදීම සිදුකර ඇති තරුණයා අත්අඩංගුවට ගෙන පහරදීමට යොදාගත් පිහියද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
සිදුවීම සම්බන්ධයෙන් පානදුර උතුර පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
The post සංගීත ප්‍රසංගයක් මරණයෙන් කෙළවර වෙයි! 17 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි වෙයි! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/dZuv0I8
via IFTTT


