Loading..

පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණයෙන් වසර දහයක සිරදඬුවමක්

විශාල මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත 2020 වසරේදී අත්අඩංගුවට ගත් පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණය වසර දහයක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

2020 ජනවාරි 01 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ වැටළීමකදී සැකකාර මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 581යි ග්‍රෑම් 34ක් සහ අයිස් කිලෝග්‍රෑම් 614 ක් සන්තකයේ තබාගෙන සිටි පකිස්ථාන ජාතිකයන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා.

2021 සැප්තැම්බර් 28 වැනි දින රජයේ රස පරීක්ෂකගේ වාර්තාවලට අනුව එම මත්ද්‍රව්‍ය තොගය කෙටමින් කිලෝග්‍රෑම් 491ක් සහ මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 471ක් ලෙස තීරණය වි තිබෙනවා.

කොළඹ මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වරද පිළිගැනීමෙන් අනතුරුව වසර 10ක සිර දඬුවම් නියම වි තිබෙන බවට වාර්තා වනවා.

The post පාකිස්ථාන ජාතිකයන් නවදෙනකුට කොළඹ මහාධිකරණයෙන් වසර දහයක සිරදඬුවමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/WBr9Eh0
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.