අනියම් පෙමක් හේතුවෙන් බිරිඳගේ අනියම් සැමියා විසින් නීත්‍යනුකූල සැමියා ඝාතනය කිරීමේ පුවතක් රාගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පොලීසිය පැවසුවේ රාගම, නාරංගොඩපාළුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසු වූ නාරංගොඩපාළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පොලීසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
ඝාතනය සිදු කළ පුද්ගලයා හා ඝාතනයට ලක් වූ සැමියාගේ බිරිඳ රාගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.(dasathalankanews)
The post බිරිඳගේ අනියම් පෙම නීත්‍යානුකූල සැමියාට මරු කැඳවයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/tkfCqc8
via IFTTT


