Loading..

ජ්‍යේෂ්ඨ පුරවැසි තැන්පතු පොලී ඉහළ දැමීම පිළිබඳව සුබ ආරංචියක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබාදෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් අමාත්‍යාංශයේ දී රැස් වූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබේ.

එහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ පවතින ආර්ථික තත්ත්වය අනුව පොලී අනුපාතය කොතරම් ඉහළ දැමිය හැකිදැයි සොයා බලා ඊට අනුව කටයුතු කරන ලෙසය.

වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලයන්ට හිමි ගිණුම් ලක්ෂ 11ක් පමණ පවතින අතර ඒවා විධිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහි දී අවධාරණය කර ඇති බව සඳහන්ය.

විශේෂයෙන් ම එකම පුද්ගලයා බැංකු ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම, වෙනත් පාර්ශ්වයන්ගේ මුදල් එම ගිණුම්වල තැන්පත් කිරීම ආදිය පිළිබඳ සොයා බැලීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා වී තිබේ.

The post ජ්‍යේෂ්ඨ පුරවැසි තැන්පතු පොලී ඉහළ දැමීම පිළිබඳව සුබ ආරංචියක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/JERh5xP
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.