Loading..

කන්න දුන් අත සපා කෑ පවුලක්! ගංවතුරට අසරණව නවාතැන් දුන්නාට ලක්ෂ 250ක් වටිනා මැණික් ටිකට විදලා!

පසුගිය දිනවල ගංවතුරෙන් අසරණව සිටි පවුලක් නිවෙසට කැඳවාගෙන විත් නවාතැන් සහ කෑම තුන් වේලම ලබා දුන් මැණික් ව්‍යාපාරිකයෙකුගේ කෝටි දෙකහමාරකට වඩා වටිනා මැණික් සොරාගත් බව කියන එම පවුලක් අත්අඩංගුවට ගත් පුවතක් රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම ව්‍යාපාරිකයා ගංවතුර දිනවල මුද්දුව ප්‍රදේශයේ අසරණ වූ මෙම පවුල සිය නිවසට කැඳවා දවස් දෙකක් ආහාර පාන ලබා දී තිබේ.

ගංවතුර බැස යාමෙන් පසු එම පවුල නිවසින් පිටව ගොස් ඇත්තේ නිවස පිරිසිදු කර දීම සඳහා පසුව පැමිණෙන බවද දැනුම්දෙමිනි.

පසුව දිනක අඹුසැමි යුවළ සහ වයස 12ක පමණ පිරිමි දරුවා ව්‍යාපාරිකයාගේ බිරිඳ පමණක් ඇති දිනක නිවසට පැමිණ පියා මිදුල සුද්ධ කරද්දී බිරිඳ සහ දරුවා නිවස තුළ තිබූ මැණික් බෝතල් දෙකක් සොරාගෙන ඇත.

කෙසේවෙතත් ඔවුනගේ මෙම සොරකම නිවසේ තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබේ.

පසුව ඔවුන් සොරකම පිළිගෙන ඇති අතර රත්නපුර විශේෂ විමර්ෂන කොට්ඨාසය විසින් මෙම පවුල අත්අඩංගුවට ගෙන ඇත.

The post කන්න දුන් අත සපා කෑ පවුලක්! ගංවතුරට අසරණව නවාතැන් දුන්නාට ලක්ෂ 250ක් වටිනා මැණික් ටිකට විදලා! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/HS8cn1A
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.