බස්නාහිර පළාතේ හැර දිවයිනේ සෙසු පළාත් වලට අදාළව වාහන ආදායම් බලපත්‍ර ලියාපදිංචි කිරිම සබරගමු පළාත් සභාව මගින් ආරම්භ කර තිබෙනවා.
එම වැඩසටහන මෙම මස 03වන දින සිට ක්‍රියාත්මක කල බව සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බස්නාහිර පළාතේ ලියාපදිංචි වූ වාහන හැර සෙසු පළාත්වල ලියාපදිංචි වූ වාහන සදහා වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර සබරගමු පළාත් සංකීර්නයෙන් ද රත්නපුර සහ කෑගල්ල දී ස්ත්‍රික්ක දෙකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 29 කින්ද ලබා ගත හැකි බවයි.
මීට ඔමිනි බස් රථ සඳහා අදාළ ආදායම් බලපත්‍ර අයත් නොවන බවත් ලේකම්වරයා සඳහන් කළා.
ඔහු මේ බව සදහන් කළේ රත්නපුර පිහිටි සබරගමු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඊයේ(11) පැවති සාකච්ඡාවකට එක් වෙමින්.

The post වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම තවදුරටත් පහසු කරයි appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/FKk9YiD
via IFTTT

