Loading..

ක්ලබ් වසන්තගේ පශ්චාත් මරණ පරීක්ෂාව නිකුත් කරයි! සිරුරේ උණ්ඩ 8ක්!

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ ශරීරයේ තිබී උණ්ඩ අටක් හමුවූ බව ඊයේ (09) දින නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර තිබෙන බවට වාර්තා වනවා.

හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබුණා.

එයින් උණ්ඩ තුනක් ඔහුගේ හිසෙහි වැදී තිබියදී සොයා ගත් බවත් අනෙක් උණ්ඩ පහ පපුවේ සහ උදරයේ තැනින් තැන තිබී හමු වූ බවත් එම වාර්තාවේ සඳහන් වනවා.

හිසට සහ ඉනෙන් ඉහල ප්‍රදේශ වලට වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් සිදු වූ මරණයක් බවට හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රනීත් සෙනෙවිරත්න මහතා විසින් නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන්.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වලින් අනතුරුව දේහය ඥාතීන් වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

The post ක්ලබ් වසන්තගේ පශ්චාත් මරණ පරීක්ෂාව නිකුත් කරයි! සිරුරේ උණ්ඩ 8ක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/ZtlCsHh
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.