Loading..

නෞකා අනතුරෙන් අතුරුදහන් වූ පිරිසෙන් 9ක් සොයා ගනී! ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් තවමත් අතුරුදහන්!

අරාබි මුහුදේදී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාර්යමණ්ඩලය සොයා සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 09 දෙනෙකු බේරාගැනීමට හැකිවු බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස බේරාගත් පිරිස අතර ඉන්දියානුවන් 08 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙක් වන බව පැවසෙනවා.

ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ කාර්යමණ්ඩලයේ ඉතිරි 7 දෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

අදාළ නෞකාවේ කාර්යමණ්ඩලයේ පුද්ගලයන් 16 දෙනෙකු සිට තිබූ අතර ඉන් 13 දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර අනෙක් තිදෙනා ශ්‍රී ලාංකිකයන් බව වාර්තා වුණා.

ඉන්ධන ප්‍රවාහන නෞකාව අනතුරට ලක්වී තිබුණේ ඕමානයේ ඩියුකම් වරාය නගරයට නාවික සැතපුම් 25ක් නිරිත දිගින් වූ අරාබි මුහුදේදීය.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොමොරෝස් ධජය යටතේ යාත්‍රා කළ ප්‍රෙස්ටීජ් ෆැල්කන් නම් ඉන්ධන ප්‍රවාහන නෞකාවකි.

ඩුබායි හි හම්රියා වරායෙන් ගමන් ඇරඹූ නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේදී යේමනයේ ඒඩ්න් වරාය බලා යාත්‍රා කරමින් සිටි බව සඳහන්ය.

The post නෞකා අනතුරෙන් අතුරුදහන් වූ පිරිසෙන් 9ක් සොයා ගනී! ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් තවමත් අතුරුදහන්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/cOvDTgf
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.