Loading..

ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීමක්

ගෘහස්ථ LP ගෑස් මිල සංශෝධනයක් අද (02) උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.

ලිට්‍රෝ සමාගම අවසන් වරට සිය ගෑස් මිල සංශෝධනයක් සිදු වූයේ පසුගිය ජුනි මස 4 වැනිදායි.

එහිදී කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් අඩු කළ අතර එහි නව මිල සඳහන් වූයේ රුපියල් 3790ක් වශයෙන්.

එමෙන් ම කිලෝ ග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 1,522 ක් වශයෙන් සටහන් වුණා.

තවද කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩු වූ අතර එහි නව මිල සටහන් වූයේ 712 ක් ලෙසයි.

The post ලිට්‍රෝ ගෑස් මිල සම්බන්ධයෙන් දැනුම්දීමක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Oqu3m4D
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.