Loading..

ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරයි! දිනය මෙන්න!

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන් ය.

රාජගිරිය – සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

The post ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කරයි! දිනය මෙන්න! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/1GdVwMr
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.