Loading..

රජයේ සේවකයින් විසින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ව ප්‍රවර්ධනය කළොත් වසර 3ක් සිරගෙට! නවතම චක්‍රලේඛයක්!

මැතිවරණ කොමිෂන් සභාව ඉතා වැදගත් යන සිරස්තලය යටතේ විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සියලු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපති හා සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු සියලු රාජ්‍ය ප්‍රධානීන් වෙත යොමු කර ඇත.

ජනාධිපතිවරණ කාල සීමාව තුළ රජයේ දේපළ අනිසි භාවිතය වැළැක්වීමට මෙන්ම රාජ්‍ය සේවයේ නව පත්වීම් ලබාදීම, ස්ථාන මාරු ලබා දීම ආදී කරුණුවලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සඳහන් කරමින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජකාරි වේලාව තුළ රජයේ නිලධාරින්ට පෞද්ගලික සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතු වන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීම බරපතළ වරදක් බවත් එවන් පුද්ගලයන් වසර 3ක සිරදඬුවමකට යටත් කිරීමට හෝ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් නියම කිරීමට හෝ මේ දඬුවම් දෙකටම යටත් කිරීමට හෝ හැකි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් විශේෂ චක්‍ර ලේඛයක් මඟින් දක්වා තිබේ.

දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිළධාරීන්ටද මෙම නිර්ණායක බලාත්මක වන බව එම චක්‍රලේඛයේ සඳහන්.

රාජ්‍ය සේවකයන්ට අමතරව මෙම චක්‍රලේඛය සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථා පිත මණ්ඩල සේවක සේවිකාවන්ට ද අදාළ වනු ඇත.

එම චක්‍රලේඛය සඳහා මෙතනින් පිවිසෙන්න

The post රජයේ සේවකයින් විසින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ව ප්‍රවර්ධනය කළොත් වසර 3ක් සිරගෙට! නවතම චක්‍රලේඛයක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/NZybD2U
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.