Loading..

දින 45ක් වයසැති බිළිදාව දස වද දී ඝාතනය කළ මව අත්අඩංගුවට

යාපනය – අලවෙට්ටි ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස මිය ගිය දින 45ක් වයසැති බිළිඳාගේ මරණය හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් සිදු වූවක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

නෙසවුසාලෙයි පාර, මුගෙට්ටි ප්‍රදේශයේ පදිංචි දින 45ක් වයසැති බිළිඳෙක්ක් පසුගියදා අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වුණා.

පසුගිය සෙනසුරාදා බිළිඳාට මව්කිරි ලබාදීමෙන් පසු බිළිඳා සිහිසුන් වීම හේතුවෙන් අලවෙට්ටි දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා බිළිඳා තෙලිප්පලේ මූලික රෝහලට මාරු කර යවා ඇති අතර ඒ වනවිටත් බිළිඳා මියගොස් සිටි බවයි වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

බිළිඳාගේ මළ සිරුර තෙල්ලිපප්ලේ රෝහලේ තබා ඇති අතර
බිළිඳාගේ සිරුරේ තුවාල සහ තැලීම් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේදී පශ්ව්හාත් මරණ පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ බිළිඳාගේ මරණය අත පය කැඩී, හිසට සිදුවූ තුවාල හේතුවෙන් කෘතිමය සිදු වූ මරණයක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර තෙලිප්පලේ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනු ලබනවා.

The post දින 45ක් වයසැති බිළිදාව දස වද දී ඝාතනය කළ මව අත්අඩංගුවට appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Ar57sSD
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.