කොවිඩ් වසංගතයට පෙර සහ වසංගතයට පසු කාලපරිච්ඡේදය සැලකීමේදී සජීවී උපත් සංඛ්‍යාව සියයට 20කින් පහත වැටී මරණ සංඛ්‍යාව සියයට 25කින් ඉහළ ගොස් ඇති බව සංඛ්‍යා දත්ත වාර්තා අනුව අනාවරණය වී තිබේ.
එම දත්ත වාර්තාවන්ට අනුව 2019 වසරේ මෙරටින් වාර්තා වූ සජීවී දරු උපත් සංඛ්‍යාව 319,000ක් වූ අතර එය 2023 වසරේ කොවිඩ් වසංගතයෙන් පසු 247,000 දක්වා අඩු වී තිබෙනවා.
එමෙන්ම එම කාලය තුළ මරණ සංඛ්‍යාවද 146,000 සිට 181,000 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
කොවිඩ් 19 සහ එන්නත් කිරීම නිසා ඇති වූ සංකූලතා සහ ඖෂධ හිඟකම, බාල තත්ත්වයේ ඖෂධ භාවිතය, අර්බුද සහ පෝෂණ ගැටලු මධ්‍යයේ සැත්කම් කල් දැමීම, ආර්ථික අවපාතය වැනි කරුණු මේ සඳහා හේතූ වූ බව ජනගහන ගතිකත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ප්‍රතිපත්ති සංවාදයේදී සිය ප්‍රකාශය කරමින් ජනවිකාස විද්‍යාව පිළිබඳ සම්මානනීය මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
මේ අතරක් කොවිඩ් වසංගතයෙන් පසු රජයේ රෝහල් සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉතා වේගයෙන් වැඩිවෙමින් පැවතීම විශේෂත්වයකි.
වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ගෙන් සියයට 60ක් අධි රුධිර පීඩනය සහ හෘද රෝග වැනි බෝ නොවන රෝගයක් සමඟ පොරබදමින් සිටින බව ද සිල්වා මහතා පැවසීය.

The post කොවිඩ් කළ වින්නැහියක්! මෙරට වාර්ෂික දරු උපත් පහළට! මරණ ඉහළට! appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/BMmVnfS
via IFTTT


